කොළඹ කොටස් වෙළඳපොලේ පිබිදීමක්
Wednesday, 14 October 2020 - 13:28 | Views - 553
කොළඹ කොටස් වෙළඳපොලේ වසර නවයක් තුල දිනක් තුල වැඩම ගනුදෙනු ප්‍රමාණය ඊයේ වාර්තා වුණා.
ඒ අනුව සිදුවූ ගනුදෙනු සංඛ්‍යාව 41,688 ක්.
කොළඹ කොටස් වෙළඳපොලේ ඊයේ සිදුවු ගනුදෙනු 41,688 හි වටිනාකම රුපියල් බිලියන 5 ඉක්මවීම කැපී පෙනන කරුණක්.
මීට පෙර දිනක් තුල වැඩිම ගනුදෙනු සිදුව ඇත්තේ 2011 අගෝස්තු 08 වනදායි
කෙසේ වෙතත් ඊයේ කොළඹ කොටස් වල මිල දර්ශක පහල යෑමක් වාර්තා වුණා.
පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය ඒකක 38.08 කින්ද එස්
ඇන්ඩ් පී ශ්‍රී ලංකා 2020 දර්ශකය ඒකක 30.90 කින් ද පහල ගියා.
සියලු කොටස් මිල දර්ශකය පහල යෑමක් වාර්තා වුණේ අඛණ්ඩව දින 4 කවර්ධනයකින් පසුවයි.
ඊයේ දෛනික පිරිවැටුමෙන් රුපියල් බිලියන 4.99 ක්ම දේශිය මිලදී ගැනීම් වලින් සමන්විත වුණා.
විදේශිය මිලදී ගැනීම් ලෙස සටහන් වුණේ රුපියල් මිලියන 43.69ක් හෙවත් සමස්ත පිරිවැටුමෙන් සියයට 0.86 ක් තරම් පහළ අගයක්.
Share This Article