ජාතික රෝහලේ හෙදියකටත් කොරෝනා- පිළියන්දල පිරිවෙනක හිමිවරු 69ක් නිරෝධායනයට
Wednesday, 14 October 2020 - 13:17 | Views - 1,431
කොළඹ ජාතික රෝහලේ හෙදියකට පළමුවරට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවයේ නියුතු මතුගම ප්‍රදේශයේ පදිංචි හෙදියකටයි මෙලෙස රෝගය වැලදී ඇති බව හෙලිව ඇත්තේ.

ඇය මේ වනවිට කළුතර - නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇයගේ ආශ්‍රිතයන් 12 දෙනෙකුට පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇති බවයි ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම පිළියන්දල - කහපොළ - සිළුමිණ සෑය පිරිවෙන් විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා 69 ඇතුළු 89 දෙනෙකු එම පිරිවෙන තුලම නිරෝධායනයට ලක් කිරීමට අද පියවර ගත්තා.

ඒ, එම හිමිනමකගේ මවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි.

මීට අමතරව ගල්කිස්ස ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයෙකු, පෞද්ගලික සමාගමකට අයත් අවන්හල් ජාලයක බෙන්තොට ශාඛාවට පැමිණීම හේතුවෙන් එම අවහන්හල ඊයේ පස්වරුවේ සිට වසා දමා තිබෙනවා.

එහි සිටි සේවකයින් ද එම අවන්හල තුළම නිරෝධායනය කිරීමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත්තේ.

මේ අතර පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලබාදීමේ තදබදය අද දිනය වනවිට අවසන් වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසනවා.

දිවයින පුරා විවිධ ප්‍රදේශවල සිදුකළ පී.සී.ආර්. සාම්පල තුන්දහසක් පමණ පරීක්ෂාවට ලක් නොකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

දැනට දිවයින පුරා පී.සී.ආර්. පරීක්ෂණ තුන් ලක්ෂ 42,343ක් සිදු කර ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊයේ දිනයේදී පමණක් පීසීආර් පරීක්ෂ 6190ක් සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් දැනට පවතින පීසීආර් සාම්පල් ධාරිතාවය වැඩිවීම හේතුවෙන් මෙලෙස ප්‍රතිඵල පමා වීමක් සිදුව ඇති අතර එය අද දිනයේදී බොහෝ දුරට මඟ හැරෙනු ඇති බවයි හිරු ටීවි ඔස්සේ අද උදෑසන විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ.

ඊයේ නව කොරෝනා ආසාදිතයන් 194 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. ඔවුන් සියළු දෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්. මේ වනවිට මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ කොරෝනා පොකුර 1591ක් වන අතර ඉන් පුද්ගලයින් 1036ක් එහි ඇඟළුම් කම්හල් සේවකයින් බවයි කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. සෙසු පුද්ගලයින් 555 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් වනවා.

පසුගිය ඔක්තොම්බර් මස 05 වනදා සිට 11 වන දා දක්වා ගත වූ දින 6ක් තුළ රෝගීන් 1186 දෙනෙකු වාර්තා වී ඇති අතර ඊට පසු දිනයේ වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 121ක්.

එමෙන්ම පසුගිය 13 වන දින රෝගීන් 90 දෙනෙකු සහ ඊයේ දිනයේදි තවත් රෝගීන් 194 දෙනෙකු වාර්තා වී තිබුණා.


ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5038ක් වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 1697ක්.

දැනට කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින්. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද මේ වනවිට කොරෝනා රෝගීන් වාර්තා වන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top