ටවර්හෝල් නාට්‍ය හා රංග කලා පාසල් සිසුන්ගේ ශිෂ්‍යත්ව මුදල ඉහළට
Wednesday, 14 October 2020 - 10:49 | Views - 316
ටවර්හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ සිසුන්ගේ වාර්ෂික ශිෂ්‍යත්ව මුදල ඉහළ දැමීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ, ටවර්හෝල් රඟහල පදනමේ 296 වන භාරකාර මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවති අවස්ථාවේදියි.
මෙහිදී ටවර්හෝල් නාට්‍ය හා රංග කලා පාසලේ සිසුන්ට ලබාදෙන රුපියල් 2000ක මාසික ශිෂ්‍යත්ව අරමුදල රුපියල් 3000 දක්වා වැඩි කිරිමටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇත්තේ.
එම පාසලේ වාර්ෂිකව විශිෂ්ඨතා දක්වන සිසුන්ට ලබාදෙන රුපියල් 5000ක මුදල් ත්‍යාගය රුපියල් 10,000 දක්වා ඉහළ දැමීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.
Share This Article