යුරෝපයේ කොරෝනා නීති දැඩි වෙයි
Wednesday, 14 October 2020 - 8:22 | Views - 742
යුරෝපය තුළ යළි කොරෝනා වසංගතය හිස එසවීමත් සමඟ රටවල් රැසක නීති දැඩි කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ එංගලන්තය, නෙදර්ලන්තය, ප්‍රංශය සහ ජර්මනිය වැනි රටවල මෙලෙස කොරෝනා නීති දැඩි කර ඇති බවයි.
එමෙන්ම, දියුණු වෙමින් පවතින රටවලට කොරෝනා එන්නත් ලබාදීම වෙනුවෙන් ඩොලර් බිලියන 12ක මුදලක් වෙන් කිරීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.
ලොව පුරා කොරෝනා ආසාදිතයින් තුන්කෝටි 83 ලක්ෂ 45,897ක් ලෙස සටහන් වන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ දස ලක්ෂ 90,156ක් ලෙසයි.
තවදුරටත් දෛනික මරණ සහ ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
Share This Article