බාස්මතී සහල් ආනයනය රජයට පවරා ගැනේ
Tuesday, 13 October 2020 - 14:10 | Views - 653
පාකිස්තාන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට අනුව තීරු බදු සහන යටතේ බාස්මතී සහල් ආනයනය කිරීම යළි රජයේ සමාගම් යටතේ සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ, පසුගිය කාලයේ එම සහනය යටතේ බාස්මතී සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට ලබාදීම මගින් සිදුවී ඇති අක්‍රමිකතා සැලකිල්ලට ගනිමින්.
ඒ අනුව බාස්මතී සහල් මෙටි්‍රක් ටොන් 6000ක් ආනයනය කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සහ සහල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් අද(13) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගෙන් ප්‍රශ්න කළා.
Share This Article