මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට අදාළව තවත් 49 දෙනෙකුට කොරෝනා
Tuesday, 13 October 2020 - 13:51 | Views - 469
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල් කොරෝනා පොකුරේ තවත් ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඉන් 32 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර, අනෙක් 17 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1446 දක්වා ඉහළ යනු ඇති.
Share This Article