කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේත් සේවකයින් 7 දෙනෙකුට කොරෝනා
Tuesday, 13 October 2020 - 12:38 | Views - 785
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලාවක තවත් සේවක සේවිකාවන් 35 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළි වී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයෙන් හමුවී ඇති ආසාදිත සංඛ්‍යාව 74 දක්වා ඉහළ යනු ඇති.

මේ අතර, කොල්ලුපිටියේ පිහිටි බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලයේ සේවක සේවිකාවන් 7 දෙනෙකු ද ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රුවන් විජේමුණි සඳහන් කළා.

එසේම, කොරෝනා ආසාදිත පුද්ගලයින් 3 දෙනෙකු සංචරණය කර ඇති බව කියන බොරැල්ල ප්‍රදේශයේ වෙළඳසැල් 6ක් තාවකාලිකව වසා දැමීමට ද පියවර ගෙන තිබෙනවා.

එම ආසාදිතයින් අතරින් එක් අයෙකුගේ බිරිඳක් රත්මලාන ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවක සේවය කිරීම හේතුවෙන් එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කළා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 1397ක්.

දැනට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව පී.සී.ආර්. පරීක්ෂණ 24,778ක් සිදුකර තිබෙනවා.

මේ අතර, මන්නාරම රදගුරු නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා ගොස් සිටි තවත් 3 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.

එම රදගුරු නිවසේ ඉදිකිරීම් කරමින් සිටි වෙන්නප්පුව - ලුණුවිල පදිංචිකරුවෙකු කොරෝනා ආසාදිතයෙකු බවට මුලින් හඳුනා ගත් අතර, ඉන් පසුව එම රදගුරු නිවසේ සේවය කරමින් සිටි 35 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරුණා.

එසේම හලාවත - අඹකඳවිල ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා.

එම ප්‍රදේශයෙන් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයාගේ මව සහ සහෝදරිය මෙලෙස නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සඳහන්.

මීට අමතරව මාරවිල රෝහලේ කොරෝනා යැයි සැක සහිත රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ අයෙකු පසුගිය දා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අංශ සඳහන් කළේ ඔහුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව මෙතෙක් නිකුත් වී නොමැති බවයි.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කොළඹ අද(13) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ කොරෝනා වෛරසය පාලනයකින් තොරව සමාජගත වී ඇති බව තවමත් ප්‍රකාශ කළ නොහැකි බවයි.

මේ අතර, කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජංගම රුධිර කදවුරු සංවිධාන කිරීම අපහසු වුවද ඒ සඳහා ඉදිරිපත් වන පරිත්‍යාගශීලීන් සඳහා සේවා පහසුකම් සපයා ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවය පවසනවා.

ඒ අනුව ජාතික රුධිර මධ්‍යස්ථානය වෙත හෝ දිවයින පුරා රජයේ රෝහල්වල පිහිටා ඇති ලේ බැංකු වෙත පරිත්‍යාගශීලීන්ට රුධිරය පරිත්‍යාග කළ හැකි අතර, ඒ සඳහා www.ndts.life යන වෙබ් අඩවියට පිවිස දිනයක් සහ වේලාවක් වෙන් කර ගත හැකියි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top