පවතින තත්ත්වයත් සමඟ විභාග දෙපාර්තමේන්තුව මගින් මේ මස පැවැත්වීමට නියමිතව තිබූ ආයතනික විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 3 වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ග්‍රාම නිලධාරී සේවයේ 3 වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත පරීක්ෂණ සහ කාර්යක්ෂමතා කඩිනම් විභාගය කල් දමා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මීට අමතරව ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මෝටර් රථ පරීක්ෂකවරුන් සඳහා වන විභාගය ද, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු නියාමකවරුන් සඳහා වන විභාගය ඇතුළු තවත් විභාග කිහිපයක් කල් දමා තිබෙනවා.