කොරෝනා වැළැක්වීමේ සදාචාරාත්මක නොවන පියවරක් ගැන, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්
Tuesday, 13 October 2020 - 9:03 | Views - 2,872
ජනගහනයෙන් විශාල කොටසකට කොරෝනා වෛරසය ආසාදනය වීමට ඉඩ හැර ඊට එරෙහිව සමාජය තුළින් ප්‍රතිශක්තියක් ගොඩනැගීමේ උපක්‍රමය සදාචාරාත්මක නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබිරයේසස් ජිනිවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ගාල් ප්‍රතිශක්තිය ලෙස හැදින්විය හැකි එම උපක්‍රමය භාවිත කිරීම ජනතාව අනවශ්‍ය පීඩාවකට ලක් කරන අතර, ඇතැම් විට ඔවුන්ට මරණය උදාකරන බවයි.

ලොව කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට තුන් කෝටි 80 ලක්ෂය ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව දස ලක්ෂ 85,000කට අධිකයි.
 
ඉන් ආසාදිතයන් 80 ලක්ෂයකට වැඩි පිරිසක් සහ මරණ දෙලක්ෂ 20,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

මේ නිසා ඇමරිකාවේ කොරෝනා වෛරසය මර්දනය සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් ගාල් ප්‍රතිශක්තිකරණය යොදා ගන්නා බවට චෝදනා එල්ල වනවා.

එය ඇමරිකානුවන්ට මරණීය තත්ත්වයක් උදාකරන බව ඇතැම් විද්‍යාඥයන්ගේ අදහසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ ඉතිහාසයේ කවදාක හෝ එලෙස වෛරසයකට එරෙහි ප්‍රතිශක්තිය ගොඩනැගීම සඳහා මෙම උපක්‍රමය භාවිත කර නොමැති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top