කොරෝනා හැදුණු ට‍්‍රම්ප් දැන්ම එළියට එනවාට ජනතා විරෝධය
Tuesday, 13 October 2020 - 9:00 | Views - 329
කොරෝනා ආසාදිතව යන්තමින් සුව වූ වහාම ජනාධිපතිවරණ ප‍්‍රචාරකවලට සහභාගිවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ට‍්‍රම්ප් හට එරට ජනතාවගේ විරෝධය පළවී තිබේ.
 
 ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් රෝහල් ගත ව සිට පැමිණීමෙන් පසු ප‍්‍රථමවරට ධවල මන්දිරයේ සඳලූ තලයේ සිට පසුගිය සති අන්තයේ සිය ආධාරකරුවන් ඇමතීය. ට‍්‍රම්ප්ගේ රැුස්වීම කොරෝනා මර්දන නීතිරීතිවලට අනුකූලව පවත්වන බව කියවුණ ද ඊට සහභාගි වූ සිය ගණන් පිරිස් මුහුණු ආවරණ පැළඳ එකිනෙකාට සමීපව සිටිනු දැක ගත හැකි විය.
 
 මේ අතර දේශපාලන ප‍්‍රචාරණ කටයුතු සඳහා ධවල මන්දිරය යොදා ගැනීම සම්ප‍්‍රදාය හා ආචාරධර්ම කඩ කිරීමක් බවට ද චෝදනා එල්ලවී තිබේ.
 
 මේ වන විට ට‍්‍රම්ප් හට රෝගය ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසුව ගතවී ඇත්තේ දින දහයක් පමණි.
 
 මේ අතර ට‍්‍රම්ප්ගේ වෛද්‍යවරු පවසන්නේ තවදුරටත් ට‍්‍රම්ප්ගෙන් වෙනත් අයට වෛරසය බෝ නොවන බවයි. දින තුනක් තිස්සේ රෝහල්ගත කර සිටි ට‍්‍රම්ප් හට කොරෝනා අසාධ්‍ය රෝගීන්ට ලබාදෙන ඖෂධ, ප‍්‍රතිජීවක මිශ‍්‍රණයක් ඇතුළු ඖෂධ ගණනාවක් සහ ශක්තිය ඇතිකරන ඖෂධ ලබා දෙන ලදී.
 
 ලබන නොවැම්බර් තුන්වැනිදා ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වේ.
 
 මේ අතර ට‍්‍රම්ප් ෆ්ලොරිඩා, පෙන්සිල්වේනියා සහ අයෝවා හි දැවැන්ත මහජන රැුලි මේ සතියේ සංවිධානය කර තිබේ. මේ නිසා කොරෝනා පැතිරීම තවදුරටත් වැඩි වනු ඇති බවට බිය පළවී තිබේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top