කටුනායක නිදහස් වෙළඳ කලාපයේ, කොරෝනා රෝගීන් 39ක් වෙයි
Tuesday, 13 October 2020 - 8:34 | Views - 741

කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් ද කොරෝනා රෝගීන් 39 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඊයේ දිනයේදී ද නව ආසාදිතයින් 22ක් වාර්තා වී තිබෙනවා.
ඉදිරි දින 3 තුල, රාජ්‍ය, පෞද්ගලික ආයතන සහ කර්මාන්තශාලාවල සේවය කරන පාර්ශවයන් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරන ලෙස පොලීසිය විසින් ඉල්ලීමක් කරනවා.
කෙසේ වෙතත්, නිදහස් වෙළඳ කලාපවල නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ඇඳිරි නීතිය පවත්නා ප්‍රදේශවලින් හැර සෙසු ප්‍රදේශවලින් පැමිණෙන සේවකයින්ගේ මැදිහත්වීමෙන් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු සිදුකරන බවයි.
එමෙන්ම, සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් කටුනායක - සීදුව රද්දොළුගම හා ආඩිඅම්බලම යන ප්‍රදේශවලින් මේ වන විට කොරෝනා රෝගීන් 45 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.
සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර ආඩිඅම්බලම ප්‍රදේශයේ පාසලක දෙවන ශ්‍රේණියේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු කළ ගුරුවරියක ද වනවා.
ඒ අනුව අදාළ පාසලේ සිසුන් ඇතුළු ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ සිදු කළ අතර එහි වාර්තා අද(13) ලැබීමට නියමිතයි.
Share This Article