කටුනායක නිදහස් වෙළඳ කලාපයේ, කොරෝනා රෝගීන් 39ක් වෙයි
Tuesday, 13 October 2020 - 8:34 | Views - 742
කටුනායක  නිදහස් වෙළඳ කලාපයෙන් ද කොරෝනා රෝගීන් 39 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඊයේ දිනයේදී ද නව ආසාදිතයින් 22ක් වාර්තා වී තිබෙනවා.

ඉදිරි දින 3 තුල, රාජ්‍ය, පෞද්ගලික ආයතන සහ කර්මාන්තශාලාවල සේවය කරන පාර්ශවයන් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කරන ලෙස පොලීසිය විසින් ඉල්ලීමක් කරනවා.

කෙසේ වෙතත්, නිදහස් වෙළඳ කලාපවල නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඇඳිරි නීතිය පවත්නා ප්‍රදේශවලින් හැර සෙසු ප්‍රදේශවලින් පැමිණෙන සේවකයින්ගේ මැදිහත්වීමෙන් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු සිදුකරන බවයි.

එමෙන්ම, සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් කටුනායක - සීදුව රද්දොළුගම හා ආඩිඅම්බලම යන ප්‍රදේශවලින් මේ වන විට කොරෝනා රෝගීන් 45 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.

සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර ආඩිඅම්බලම ප්‍රදේශයේ පාසලක දෙවන ශ්‍රේණියේ දරුවන්ට ඉගැන්වීම් කටයුතු කළ ගුරුවරියක ද වනවා.

ඒ අනුව අදාළ පාසලේ සිසුන් ඇතුළු ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ සිදු කළ අතර එහි වාර්තා අද(13) ලැබීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top