දැරියක් කෙලෙසූ 21තරුණයා රක්ෂිත බන්ධනාගාරයට
Tuesday, 13 October 2020 - 8:30 | Views - 645
වයස අවුරුදු 14ක දැරියක් අපයෝජනයට ලක් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මේ මස 14 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඊයේ (12) නියෝග කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මීගහකිවුල, අරාව, පින්නගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21ක තරුණයෙක්.
අපයෝජනයට ලක්වූ බව කියන දැරියගේ වෛද්‍ය වාර්තාවක් ද මීළඟ නඩුවාරයේ දී අධිකරණය හමුවට ඉදිරි ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළා.
මෙම සැකකාර තරුණයා විසින් දැරිය රවටා ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් මෙලෙස අපයෝජනය කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
දැරියගේ ඥාතීන් විසින් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලක් මතයි සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනුනේ.
කන්දකැටිය පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරනවා.
Share This Article