ශිෂ්‍යත්ව විභාගය ගැන එල්ල වන චෝදනාව
Monday, 12 October 2020 - 15:38 | Views - 1,138
වර්ෂාව ඇදහැලීම හේතුවෙන් බලපිටිය රේවත විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන් ඊයේ(11) දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.
එම දරුවන් කියා සිටින්නේ පැවති අධික වර්ෂාව නිසා විභාගශාලා තුළට ජලය ගැලීම හේතුවෙන් තමන්ට ලැබුණු ප්‍රශ්නපත්‍රය සඳහා පිළිතුරු ලිවීමට සිදුවූයේ පන්තිකාමරයේ බිත්තිය මත තබා ගෙන බවයි.
එලෙස දුෂ්කරතා මැද ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් තම දරුවන්ට සාධාරණයක් ඉටු කර දෙන්නැයි එම දරුවන්ගේ දෙමවුපියන් විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලිමක් කරනවා.
Share This Article