දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකුගේ බිරිඳකටත් කොරෝනා
Monday, 12 October 2020 - 14:21 | Views - 2,862
දුම්රිය දෙපාර්තමේන්තුවේ මාළිගාවත්ත බලවේග ධාවනාගාරයේ රාජකාරියේ යෙදී සිටින සේවකයෙකුගේ බිරිඳකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ගම්පහ - උඩුගම්පල පදිංචි ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු කාන්තාවක්. ඒ හේතුවෙන් ඇයගේ ස්වාමි පුරුෂයා සහ ඔහු සමඟ සේවය කරන තවත් හයදෙනෙකු ස්වයං නිරෝධානයට යොමුකර ඇති බවයි මාළිගාවත්ත මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කළේ.
Share This Article