මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල් කොරෝනා පොකුරේ තවත් ආසාදිතයින් 39 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
ඉන් 25 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර, අනෙක් 14 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
මේ අතර, ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල විවෘතව පැවති ඔසුසැල් ඇතුලු අත්‍යාවශ්‍ය සේවා සපයන වෙළඳසැල් හෙට, අනිද්දා සහ ලබන 15 වනදා වසා තැබීමට තීරණය කළ බව ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18 කට මේ වනවිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.
එමෙන්ම, කඳාන ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සේවකයින් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළා.
එම ආයතනයේ සේවකයෙකුගේ දියණිය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇති බව වාර්තා වීමත් සමඟ ඔහු සෞඛ්‍ය නිලධාරී කාර්යාලය මගින් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.
ඒ අනුව ඔහු සේවය කළ කඳාන ලංකා විදුලි පෞද්ගලික සමාගමේ සේවකයින් 13 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව ඉන් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී යැයි ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා.