සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිගේ නිවසට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
ජ්‍යාත්‍යන්තර තරඟාවලියක් වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් 2020 තරඟාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් ට එරෙහිව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර පැවති තරඟයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජය වීමෙන් පසු එම්එස් දෝනිගේ 5හැවිරිදි දියණිය ෂීවා දෝනි, සමාජ මාධ්‍ය වෙත ඉලක්ක වී තිබෙන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ .
එහිදී ඇයට සමාජ මාධ්‍ය ඔස්සේ තරුණයකු විසින් තර්ජනය කර තිබෙන අතර ඉන් අනතුරුව ඔහුගේ නිවසට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දී තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .
