බ්‍රැන්ඩික්ස් පොකුරේ තුන්වන මට්ටමේ ආසාදිතයනුත් සොයාගැනේ
Monday, 12 October 2020 - 13:17 | Views - 3,953
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ රෝගීන්ගේ තුන්වන මට්ටමේ ආසාදිතයන් මේ වනවිට සොයාගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.
හිරු ප්රවෘත්ති අංශය සමග දුරකථන සංවාදයකට එක්වෙමින් එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කියා සිටියේ විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් නිරෝධායනයට ලක්වීමේදී ඊට අදාළ තොරතුරු තම නිලධාරීන් වෙත නොලැබෙන බවයි.
මේ අතර විදේශ ගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
රට තුළ මතුව ඇති කොරෝනා වසංගත තත්ත්වය මත මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ කියා සිටියේ.
Share This Article