රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙකුටද කොරෝනා
Monday, 12 October 2020 - 10:46 | Views - 951
මාතර - වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකගේ පියෙකුටද කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බව එම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
මෙම තත්ත්වය හමුවේ අදාළ ශිෂ්‍යාව සහ ඇය සමග දෙවුන්දර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නවාතැනේ සිටි තවත් සිසුවියක්ද නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සඳහන්.
ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ හෙට දිනයේ සිදුකිරීමට නියමිතයි.
Share This Article