ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීම්
Monday, 12 October 2020 - 9:47 | Views - 513
උතුරු අන්දමන් මුහුද සහ ඊට ආසන්න නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය අද දිනය තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එය බස්නාහිර දිශාවට බරව වයඹ දිශාවට ගමන් කරමින් අද මධ්‍යම රාත්රියේදී ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ හරහා ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක සහ උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශ ඉතා රළු හා තද සුළං මෙන්ම වැසි ඇතිවිය හැකි බැවින් අනිද්දා දක්වා එම මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
Share This Article