සිවලෙකු තවත් කාන්තාවක් සපා කාලා
Monday, 12 October 2020 - 8:46 | Views - 647
කළුතර - අගලවත්ත - හැලඹ ප්‍රදේශයේ 55 හැවිරිදි කාන්තාවක්, සිවලෙකු සපා කෑම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාව වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.
අගලවත්ත - හැලඹ ප්‍රදේශයේ ජනතාව කියා සිටියේ මෑත කාලයක සිට සිවලුන් ගම්මානවලට පැමිණීමේ ප්රවනතාවක් දක්නට ලැබෙන බවයි.
සිවලුන් හරහා ජලභීතිකාව වැළඳීමේ සිද්ධීන් රැසක් පසුගිය කාලයේ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසවලින් වාර්තාවී ඇති අතර, මිල්ලනිය, මදුරාවල, හොරණ සහ ඉංගිරිය යන ප්‍රදේශවලින් වසරේ මේ දක්වා ජල භීතිකාව වැළඳුනු සිවලුන් 11 දෙනෙකු සහ සුනඛයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.
Share This Article