කොරෝනා ආයු කාලය ගැන නව හෙළිදරව්වක්
Monday, 12 October 2020 - 7:38 | Views - 5,547
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය දින 28ක කාලයක් මුදල් නෝට්ටු, දුරකථන තිර සහ මළ නොබැඳෙන වානේ පෘෂ්ඨ මත පැවතිය හැකි බවට නවතම පර්යේෂණයක් හෙළිකර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ විද්‍යාඥයන් කණ්ඩායමක් සිදුකළ අදාළ පර්යේෂණයෙන් ප්‍රකාශ කර ඇත්තේ කොවිඞ් 19 වෛරසයේ ආයු කාලය දැනට විශ්වාස කරන කාලසීමාවට වැඩි බවයි.
අඳුරු පසුබිමක් තුළ අත්හදාබැලීම් සිදුකරමින් කළ මෙම පර්යේෂණය සිදුකර ඇති අතර, පාරජම්බුල කිරණෙන් වෛරසය විනාශ වන බව තහවුරු වන බවයි අදාළ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.
මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට තුන්කෝටි හැත්තෑ හත්ලක්ෂ 36,119ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව දස ලක්ෂ 81,246 ක් ලෙසයි දැක්වෙන්නේ.
Share This Article