සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට අදාළව ගැසට් නිවේදනයක්
Sunday, 11 October 2020 - 14:39 | Views - 841
මුඛ ආවරණ පැළඳීම, මීටරයේ දුර පවත්වාගැනීම ඇතුලු කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නන්, වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගෙන මාස හයක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ හැකි වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරි දින දෙක තුළදී එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ.
Share This Article