කටුනායක ආයෝජන කලාපය වසා දැමීමේ තීරණයක් නැහැ
Saturday, 10 October 2020 - 12:35 | Views - 903
පවතින කොරෝනා තත්ත්වය  හමුවේ කටුනායක ආයෝජන කලාපය සම්පූර්ණයෙන් වසා දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සදහන් කළේ කටුනායක ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලා 3කින් කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමත් සමඟ අදාළ ආයතන 3ක් පමණක් විෂබීජහරණය සඳහා වසා දැමීමට කටයුතු කර ඇති බවයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවෙන් වාර්තා වූ කොරෝනා පොකුරේ ව්‍යාප්තියත් සමඟ කටුනායක ආයෝජන කලාපයේ පිහිටි කර්මාන්තශාලා 3ක සේවක සේවිකාවන් තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා.

අද දිනයේ අදාළ ආසාදිතයන් වාර්තා වූ ඇඟලුම් කර්මාන්තශාලාවක තවත් සේවිකාවකට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

ඊ.සී.ජී. පරීක්ෂණයක් සඳහා රෝහලකට ගිය අවස්ථාවේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂාවකදී ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර, ඇය මේ වන විට අයි.ඩී.එච්. රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කටුනායක ආයෝජන කලාපයේ ආසාදිතයන් වාර්තා වූ කර්මාන්තශාලා තුනෙහි සේවක සේවිකාවන් 3000කට වැඩි ප්‍රමාණයක් සේවය කරන අතර, ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක් කිරීම ඊයේ ආරම්භ කෙරුණා.

පසුගිය 7 වන දා උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මීගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කෙරුණු එක් ඇඟළුම් කර්මාන්තශාලාවක සේවිකාවකට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඇයට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබුණා.

වැඩිදුර පරීක්ෂණ සඳහා ඇය මාරවිල මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර, එහිදී ද ඇයට කොරෝනා ආසාදිත බව තවදුරටත් තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.  

එසේම,  කටුනායක ආයෝජන කලාපයේ තවත් ඇඟලුම් කර්මාන්තශාලාවක ආරක්ෂක නිලධාරියෙකුට කොරෝනා ආසාදිත බව ඊයේ තහවුරු වූ අතර, ඔහුගේ බිරිඳ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක බව අනාවරණ වී තිබෙනවා.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ තවත් කාන්තාවක් කටුනායක ආයෝජන කලාපයේ වෙනත් ඇඟලුම් කර්මාන්තශාලාවක සේවයට පැමිණ ඇති අතර ඊයේ එම කාන්තාවට ද කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනුණා.

මේ අතර, මෙරට දිනකදී සිදුකළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව එනම් පරීක්ෂණ 7196ක් ඊයේ සිදුකළ බව කොවිඞ් නයින්ටීන් වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය සදහන් කළා.

එසේම කොළඹ මහ නගර සභාවේ සේවිකාවකගේ මවකට කොරෝනා ආසාදනය වීමත් සමඟ එම නගර සභාවේ කාර්ය මණ්ඩලයේ 411 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර තිබෙනවා.

ඉන් 303 දෙනෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී අවසන්. අදාළ සේවිකාවගේ මව බ්‍රැන්ඩික්ස් පොකුරේ කොරෝනා ආසාදිත කාන්තාවක්.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 1083ක්.

එසේම මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4523ක් වනවා. පවතින තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 130කට වැඩි පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර මේ වන විට සම්පූර්ණයෙන් හඳුනාගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top