පොලිස් බුද්ධි අංශයේ උසස් නිලධාරියෙකු ලෙස පෙනී සිට මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට
Saturday, 10 October 2020 - 12:09 | Views - 740
පොලිස් බුද්ධි අංශයේ උසස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු කුරුණෑගල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුරුණෑගල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ලද තොරතුරකට අනුව නගරයේ සිදුකළ විශේෂ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ, ඔහු සන්තයේ තිබී පොලිස් නිළ ඇඳුමෙන් ලබා ගන්නා ලද ඡායාරූප කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු 47 හැවිරිදි නෙල්ලිය -මිනුවන්ගැටේ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
Share This Article