20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය 20 වන දා පාර්ලිමේන්තුවට
Saturday, 10 October 2020 - 12:06 | Views - 548
යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කථානායක කාර්යාලය වෙත ලැබී තිබෙනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කථානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ ලබන 20 වන දා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 39 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබුණා.
Share This Article