ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ 18 තුළ අද(09) දිනයේදී අත්‍යවශ්‍ය අහාර හා ඖෂධ ලබා ගැනීම සඳහා ළඟම පිහිටි වෙළඳසැලට යන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඔහු කියා සිටින්නේ උදේ 8.00 සිට රාත්‍රී 8.00 දක්වා මෙම පහසුකම ලබාදෙන බවයි.
විවෘත කළ හැකි වෙළෙඳ සැල් මෙන්ම නිවසකින් එළියට යා හැකි දුර හා යා හැකි පුද්ගලයන් ගැනද ඔහු පැහැදිලි කළා.
ඒ අනුව සතොස, සමූපකාර අලෙවිසැල්, සුපිරි වෙළඳසැල් සහ ඔසුසැල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නා වෙළඳසැල් අද දිනයේදී නිරෝධායන නීතිරීති යටතේ විවෘත කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙම දැනුම් දීම කළේ හිරු ටී වී පත්තරේ විස්තරේ වැඩසටහනට අද(09) උදෑසන එක්වෙමින්.