තවත් කොරෝනා ආසාදිතයන් 04 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 3278 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
කොරෝනා ආසාදනයව සිටි පුද්ගලයින් සිව් දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මේ දක්වා පූර්ණ සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3278 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ.
මේ දක්වා සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4459 ක් වන අතර ඉන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.