මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාව සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශණයක් සිදු කරන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කර තිබෙනවා.
අමාත්‍යාංශ ලේකම් එම්.පි.යු.ඩී.කේ මාපා පතිරණ කියා සිටියේ රජය නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුව එම කර්මාන්තශාලාව පවත්වාගෙන ගොස් ඇත්දැයි සෙවීම මෙහි අරමුණ බවයි.
හාම්පුතුන්, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ ඊයේ පැවති ත්‍රෛයිපාක්ෂික හමුවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.
ඊට එක්වූ නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාර්කස් කියා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙම කර්මාන්තශාලාව පවත්වාගෙන ගියේ නම් මෙවැනි ගැටළුවක් ඇති නොවන බවයි.
අප මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ මහ ලේකම් එම්.පී.ටී. කුරේගෙන් ද විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ පළමු රෝගී කාන්තාව සොයාගනු ලැබුවේ අදාළ කර්මාන්තශාලාව විසින් බවයි.
කෙසේ වෙතත් අදාළ කර්මාන්තශාලාවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස කම්කරු අමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බවයි අමාත්‍යාංශ ලේකම් එම්.පි.යු.ඩී.කේ මාපා පතිරණ කියා සිටියේ.