"මම ඇවිත් දරුවාව වඩාගන්නවාත් එක්ක තමා කකුල හැපුවේ..." - සිවලෙකුගේ සපා කෑමක් ගැන හොරණ ප්‍රදේශයෙන් ඇහෙන කතාව
හොරණ - මීමනපලාන ප්‍රදේශයේදී සිවලෙකු සපා කෑමෙන් අවුරුද්දක් වයසැති දැරියක් ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ මෙම දැරිය අවුරුදු පහ සහ හය යන වයස්වල පසුවන සොහොයුරා සහ සොහොයුරිය සමඟ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී සිවලෙකු පැමිණ ඇති බවයි.
පසුව වැඩිමහල් දරුවන් නිවස තුළට දිවගොස් ඇති අතර, මව පැමිණ කුඩා දැරිය ඔසවා ගන්නවාත් සමග සිවලා එම දැරියගේ පාදයක් සපා කා තිබෙනවා.
පසුව දැරිය හොරණ මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
ප්‍රදේශවාසීන් එක්ව එම සත්වයා මරා දමා ඇති අතර, හොරණ පොලීසියේ නිලධාරීන් පැමිණ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ප්‍රදේශයේ සිටින සියලු සුනඛයන්ට එන්නත් කිරිම්ද පොලීිසිය සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව සිදුකරන බවයි.