ජනාධිපති ට‍්‍රම්ප්ගේ තවත් නිලධාරීන් දෙදෙනකුටත් කොරෝනා
Thursday, 08 October 2020 - 10:13 | Views - 144
කොරෝනා වෛරසය ආසාදනය වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සුවය ලබා ධවල මන්දිරයේ සිය නිල රාජකාරි කටයුතු අරඹද්දී ඔහු වටා සමීපව කටයුතු කරන තවත් කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු ඊයේ (07දා) කොරෝනා වෛරස් ආසාදිතයන් බව පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.
මේ අනුව ධවල මන්දිරයේ සිටින ජනාධිපති ට‍්‍රම්ප්ගේ උපදේශකවරයෙකු වන ස්ටීවන් මිලර් හා ප‍්‍රධාන පෙළේ ආරක්ෂක අංශ ප‍්‍රධානියකු වන අද්මිරාල් චාල්ස් රේ ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇති බවත් සඳහන්.
මේ අතර ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ප‍්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ට‍්‍රම්ප් තවදුරටත් කොරෝනා වෛරසයෙන් ආසාදනය වී සිටී නම් තමා සමග මීළඟ විවාදයට සහභාගී නොවිය යුතු බවයි. රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපති අපේක්ෂක වත්මන් ජනාධිපති ට‍්‍රම්ප් හා බයිඩන් අතර දෙවැනි ජනාධිපතිවරණ විවාදය ඔක්තෝබර් 15 වැනිදා ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ මියාමි නගරයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Share This Article