"කොවිඩ් ගැන ඉදිරි දින 7 තීරණාත්මකයි.." - යුද හමුදාපති, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියයි
Thursday, 08 October 2020 - 9:04 | Views - 169
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් කොවිඩ් යැයි සැක ආසාදිතයන් සුළු පිරිසක් හඳුනාගෙන ඇති නිසා ඉදිරි දින 7 විශේෂයෙන් තීරණාත්මක බව, කොරෝනා වැළක්වීමේ කමිටුවේ ප්‍රධානි යුද හමුදාපති, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ හිරු ටී වී පත්තරේ විස්තරේ වැඩසටහන සමග අද(08) පෙරවරුවේ එක්වෙමින්.
දින 7ක් පමණක් නොව අඛණ්ඩව අවධානයෙන් සිට සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීම බවද ඔහු සිහිපත් කළා.
ඉදිරි දින කොවිඩ් පැතිරීම සම්බන්ධයෙන් තීරණාත්මක වන ආකාරය හා දැනට ගෙන ඇති මර්දන ක්‍රියාමාර්ග ඔහු මෙසේ පැහැදිලි කළා.
Share This Article