පළමුවෙන් කොවිඩ් බවට හඳුනාගත් කාන්තාව හිරුට කියපු කතාව මෙන්න - ගම්පහ රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙකුටත් කොරෝනා - Video
Wednesday, 07 October 2020 - 21:14 | Views - 1,714
මේ වන විට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1034 ක්.
 
ඒ අනුව එය මෙරටින් වාර්තා වූ විශාලතම කොවිඩ් පොකුර ලෙසයි වාර්තාවන්නේ.

මේ අතර වැලිසර බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙකුටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා.
 
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවිකාවකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පසුගිය 3 වැනිදා තහවුරු වීමත් සමඟයි බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර නිර්මාණය වුණේ.
 
දින තුනක් ඇතුලත එම කොවිඩ් පොකුර ඉහළ ගියේ මෙරට විශාලතම කොවිඩ් පොකුර බවට පත් වෙමින්.
 
මීට පෙර වාර්තා වූ විශාලතම කොවිඩ් පොකුර නාවික හමුදා කොවිඩ් පොකුර වූ අතර එහිදී වාර්තා වූයේ අසාදිතයින් 906 දෙනෙක් පමණයි.
 
ඒ අනුව බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වීමෙන් පසු එහි අසාදිතයින් දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් වෙත පැතිර ගොස් තිබෙනවා
 
එම දිස්ත්‍රික්ක වන්නේ ගම්පහ, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල, මහනුවර, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, බදුල්ල, මොණරාගල, අනුරාධපුර, පොළොන්නරුව සහ යාපනය යන දිස්ත්‍රික්කයි.
 
මේ අතර කොඩිව් 19 ආසාදිත බවට ප්‍රථමයෙන් හඳුනාගත් ඇඟලුම් සේවිකාව හිරු ප්‍රවෘත්ති වෙත අදහස් පළ කළා.
 
නිරෝධායනයට ලක්වෙමින් සිටින ඇගේ සැමියාද හිරු ප්‍රවෘත්ති වෙත අදහස් පළ කළා.
 
මේ අතර අද දහවල් පොලිසිය නිවේදනය කළේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරණ නිවාඩු ලබා දැනට නිවෙස් වෙත හෝ නවැතැන් වෙත පැමිණ සිටින් අයට විශේෂ ස්ථාන කිහිපයකට පැමණෙන ලෙසයි.
 
ඒ අනුව පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල විශේෂ ස්ථාන 14ක් පොලිසිය නිවේදනය කළා.
 
එම නිවේදනය අනුව ජනතාව එම ස්ථාන වෙත පැමිණ සිටියේ මෙලෙසින්.
 
බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ සේවිකාවන්ට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය ඉදිරිපිටද පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා.
 
රාගම ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 62 හැවිරිදි කොවිඩ් 19 අසාදිතයකු රෝහලෙන් පැන ගොස් තිබුණා.
පොලිසිය ඔහුගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කළා.
 
කෙසේ වෙතත් අද පස්වරුවේ ඔහු යළි රෝහල් ගත වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
 
මේ අතර රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මීට දින කිහිපයකට පෙර රෝහලෙන් පිටව ගොස් ඇති අතර පසුව ඇය සම්බන්ධයෙන් සිදුකරන ලද PCR පරීක්ෂණයකින් අනාවරණ වී ඇත්තේ ඇයට කොවිඩ් 19 ආසාදිත වී ඇති බවටයි.
 
මේ අතර ඇතැම් පුද්ගලයන් කොවිඩ් රෝග තත්ත්වයන් පිළිබඳ වසන් කරන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
 
පොලිසිය නිවේදනය කරන්නේ කොවිඩ් රෝග තත්ත්වයන් පිළිබඳ තොරතුරු වසන් කරන එවැනි පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.
 
කොවිඩ් 19 ආසාදනය වූ බවට තහවුරු වූ පසු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීම සඳහා නිවෙස් වෙතටම ගිලන් රථ සේවා ලබාදීමට පියවර ගෙන ඇති නමුත් ඇතැමුන් එම අවස්ථාවන් ප්‍රතික්ෂේප කරන බවට වාර්තා වන්නේ යැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
 
එවන් පසුබිමක බ්‍රැන්ඩික්ස් ආයතනයේ මානව සම්පත් කළමනාකරන අංශයේ රැකියාවේ නියුතු කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු සිය FACEBOOK ගිණුම හරහා තමා ගමන් කළ ප්‍රදේශ සහ ආශ්‍රිතයින් කවුරුන්ද යන්න දැනුවත් කර තිබෙනවා.
 
ඒ අනුව පසුගිය සති අන්තයේ ඔහු ගාල්ල ප්‍රදේශය සහ කහව ප්‍රදේශයේ සංචාරය කර පසුව බටපොළ කිරිමැටිය ප්‍රදේශයේ බිරිඳගේ නිවසට පැමිණි බව එහි දක්වා තිබෙනවා.
 
බටපොල විහාරස්ථානයේ පැවැත්වූ බෝධිපූජා පිංකමකට ද සහභාගි වී ඇති එම පුද්ගලයා නැවත අම්බලන්ගොඩ - කඩවත අධිවේගී මාර්ගය හරහා කඩවත නගරයට පැමිණි බව සිය FACEBOOK ගිණුම හරහා දක්වා තිබෙනවා.
 
ඒ අනුව බටපොල විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ දෙනමක් සහ ඔහුගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා.
 
මේ අතර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුටද කොවිඩ් 19 වෛරසය වැළදී ඇති බව අනාවරණ වුණා.
 
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇත්තේ රෝහල තුලින් නොවන බවයි.
 
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවය කරණ තැනැත්තෙකු ඔහුගේ පෞද්ගලික බෙහෙත් ශාලාවකට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති බවටයි සැක කෙරෙන්නේ.
 
මේ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවය කරණ 23 හැවිරිද තරුණයකුට කොවිඩ් 19 අසාදිත බවට තහවුරු වීමත් සමඟ ඔහු පදිංචි ආනමඩුව - ආඬිගම - පුනවිටිය ගම්මානයට සංචරණ සීමා පණවා තිබෙනවා.
 
මේ අතර කොඩිව් 19 අසාදිතයින් සොයා අදත් මිනුවන්ගොඩ, සහ ඒ අවට ප්‍රදේශ රැසක පී.සී.ආර් පරීක්ෂණ සිදු කෙරුණා.
 
කොවිඩ් 19 ආසාදනය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන කඳාන - උස්වත්ත සහ හපුගොඩ ප්‍රදේශවල කාන්තාවන් දෙදෙනෙකු හා කපුවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු අද අලුයම රෝහල්ගත කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා.
 
කොළඹ මහ නගර සභාවේ සේවිකාවකට කොවිඩ් 19 වැලදි ඇති බවට තහවුරුවීමත් සමග අද එහි සේවය කරන 530 කට අධික පිරිසකට PCR පරීක්ෂණ සිදු කලා.
 
මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර කොවිඩ් 19 අසාධනය වී ඇති බවට PCR පරීක්ෂණ වලින් තහවුරු වු රෝගීන් 34 දෙනෙකු දැඩි ආරක්ෂාව මැද රඹුක්කන රෝහලේ ඉදිකර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.
 
කොවිඩ් 19 රෝගීන්ගේ සමීපතමයින් නිරෝධායනය කිරීම සඳහා පුද්ගලයින් 300 ක් පමණ රැඳවිය හැකි ලෙස රඹුක්කන - පින්නවල බ්‍රැන්ඩික්ස් ආයතනය යුධ හමුදාව මගින් සකස් කෙරුණේ මෙලෙසින්.
 
එමෙන්ම කොවිඩ් 19 අසාධනය වු බ්‍රැන්ඩික්ස් සේවිකාවන් 190 දෙනෙක් මාතර දිස්ත්‍රික් රෝහල වෙත රැගෙනුඑනු ලැබුවා.
 
රඹුක්කන දිස්ත්‍රික් රෝහලේ ස්ථාපිත කර ඇති කොවිඩ් 19 ප්‍රතිකාර කිරිමේ මධ්‍යස්ථානය සදහාද කොවිඩ් 19 අසාධනය වු පුද්ගලයින් 80 රැගෙන කටයුතු කර තිබෙනවා.
 
මේ අතර මාලඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
 
මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම්කම්හලේ සේවය කල ඇහැලියගොඩ එල්ලාවල පහලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට කොවිඩ් 19 අසාධනය වීමත් සමග ඔහුගේ පවුලේ අය සහ ඔහු ඇසුරු කල පවුල 09 ක් සිය නිවෙස් තුලම ස්වයං නිරෝධායනයට ලක්කිරිමට කිරිඇල්ල වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු කළා.
 
අනුරාධපුර එප්පාවල පොලිස් වසමේ කෝන්වැව ප්‍ර දේශයේ පදිංචි කාන්තාවකටද කොවිඩ් 19 අසාධනය වීමත් සමග ඇයගේ පවුලේ පුද්ගලයින් 08 දෙනෙකු ඇතුළු ආශ්‍රිතයින් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට එප්පාවල මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරීන් කටයුතු කලා.
 
මේ අතර ඒකල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වු කළුතර - හල්කන්දවිල - දූවගොඩ ප්‍රදේශයේ 20 දෙනෙකුගේ PCR පරීක්ෂණද සිදු කෙරුනා.
 
මේ අතර විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයෙකු නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු දෙමටගොඩ සිය නිවසට පැමිණීමත් සමඟ ප්‍රදේශවාසීන් අතර ඊයේ රාත්‍රියේ නොසන්සුන්තාවක්ද හටගත්තා.
 
කොවිඩ් 19 වෛරසය යළි හිස ඔසවා ඇති මෙම අවස්ථාවේ ජනතාව නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්නේ දැයි අප සොයා බැලීමක් කළා.
 
මේ අතර පසුගිය 22 දා ඉන්දියාවේ විශාකාපට්නම් සිට මත්තලට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් යානයෙන් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් 60 දෙනෙකු පැමිණ ඇති බව සාමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වනවා.
 
ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් බ්‍රැන්ඩික්ස් සමාගම ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා.
 
එහි දැක්වෙන්නේ සිය ඉන්දීය කර්මාන්ත ශාලාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශාකාපට්නම් සිට විශේෂ ගුවන් වාර 3 ක් ක්‍රියාත්මක කළ බවයි.
 
එසේ පැමිණි සියලු දෙනා රජයේ පාලනය යටතේ පවතින නිරෝධායන මධ්‍යස්ථානයක දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලය සම්පූර්ණ කල බවත් ඉන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ තවත් දින 14 ක් ස්වයං නිරෝධායනය වූ බව බ්‍රැන්ඩික්ස් සමාගම පවසනවා.
 
සමාගම අවධාරණය කරන්නේ එම පිරිසේ කිසිවෙකු හෝ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට නොපැමිණි බවයි.
 
මේ අතර ඉන්දීය ජාතිකයන් පිරිසක් මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සේවය කළ බවට පැතිරෙන වාර්තා ද ප්‍රතික්ෂේප කරන බ්‍රැන්ඩික්ස් සමාගම කිසිදු විදෙස් ජාතිකයෙකු පසුගිය කාලය තුල කර්මාන්තශාලාවට නොපැමිණි බව පවසනවා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top