පොලිස් ඇඳිරි නීතිය ක්රියාත්මක බල ප්රදේශ ප්රසිද්ධියට පත් කරයි
Wednesday, 07 October 2020 - 8:28 | Views - 166
පොලිස් ඇදිරි නීතිය ක්රියාත්මක ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් බල ප්රදේශ පොලිස් මූලස්ථානය විසින් මේ වනවිට නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ගම්පහ, ගනේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ යක්කල පොලිස් බල ප්රදේශවලට මෙන්ම කැළණිය පොලිස් කොට්ඨාසයට අයත් ජාඇළ සහ කඳාන පොලිස් බල ප්රදේශවලටද පොලිස් ඇඳිරි නීතිය ක්රියාත්මකයි.
මීට පෙර දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බලප්රදේශවලට පොලිස් ඇදිරි නීතිය පනවනු ලැබුවා.
Share This Article