7,8,9 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල වැසේ
Tuesday, 06 October 2020 - 19:54 | Views - 664

එළඹෙන 7,8 සහ 9 යන දින තුනෙහි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලය සහ වේරහැර කාර්යාලය මහජනතාව සඳහා විවෘත නොකරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර, ඉදිරි පැය 48 පිළිබඳව අවධානයෙන් සිට පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමේ කටයුතු ගැන තීරණයක් ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, හෙට දිනයේදී නැවත පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමටයි එහිදී තීරණය වී ඇත්තේ.
ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහර හා අත්‍යාවශ්‍ය නොවන රැස්වීම් රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු පැවැත්විය නොහැකි බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.ශ්‍රීධරන් ප්‍රකාශ කළා.
මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා පොකුර හේතුවෙන් ඇති වූ තත්ත්වය පාලනය කිරීමට මහජනතාව එක්රැස් වන කටයුතු සිදුනොකරන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු අවධාරණය කරන්නේ.
රටේ දැනට පවතින තත්ත්වය අනුව කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලට මහජනතාව වගකීමෙන් ක්‍රියා කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් අපේක්ෂා කරනවා.
මේ අතර, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලය සහ සියළුම පළාත් කාර්යාල 7, 8 සහ 9 යන තෙදින තුළ මහජන සේවාවන් සඳහා විවෘතව නොතැබීමට එහි පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උසස් පෙළ විභාගය ඇතුළු හදිසි ජාතික හැඳුනුම්පත් සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ඒකකය හෝ 0115 226 150 දුරකථන අංකයට හෝ 0115 226 115 දුරකථන අංකය ඇමතීමෙන් දැනුවත් විය හැකි බවයි.
එමෙන්ම, මේ මස 7,8 සහ 9 යන දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙතින් ලබා ගත යුතු සේවාවන් සඳහා රාජකාරි වේලාවන් වන පෙරවරු 8 සිට පස්වරු 4.30 දක්වා සේවා සලසා ගැනීම සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, ගමන් බලපත් අංශය සඳහා 070 710 10 60 හෝ 070 710 10 70 යන දුරකථන අංකවලට ඇමතිය හැකියි.
පුරවැසි අංශය සඳහා 070 710 10 30 දුරකථන අංකයට ඇමතිය හැකි අතර, වීසා අංශය සමඟ 070 710 10 50 අංකයෙන් සම්බන්ධ විය හැකියි.
Share This Article