කොවිඩ් හැදුණු බ්‍රැන්ඩික්ස් සේවිකාවගේ සැමියා හෙළි කළ කතාව මෙන්න, කාන්තාවක් කෝපයෙන් බැන වදින වීඩියෝවකුත් අන්තර්ජාලයට - Video
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවේ තවත් සේවකයින් 246 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ අනුව දැනට එම කර්මාන්තශාලාවෙන් හඳුනා ගෙන ඇති කොඩිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව569ක්.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ හඳුනා ගත් ආසාදිතයින් සියලුදෙනාම නිරෝධායනයට ලක් කෙරෙමින් සිටින බවයි.
මිනුවන්ගොඩ ඇඟලුම්කම්හලක සේවය කරණ කාන්තාවකට කොවිඩ් 19 ආසාදිත බවට පසුගිය 3වනදා වාර්තා වීමත් සමඟ ඒ හා සම්බන්ධ කොඩිඩ් පොකුරක් නිර්මාණය වුණා.
ඒ අනුව ඊයේ අදාළ කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන්ට සිදුකල පී.සී.ආර් පරීක්ෂණවලදී තහවුරු වූයේ නිවාඩු ලබා ගොස් සිටින පිරිසකටද වෛරසය ආසාදනය වී ඇති බවයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයට අනුව එලෙස වෛරසය ආසාදිත බවට හඳුනා ගත් පිරිස කුරුණෑගල, මොණරාගල, යාපනය, මිනුවන්ගොඩ, කටාන, සීදුව, දිවුලපිටිය, මීරිගම, ජා ඇළ සහ මහර ප්‍රදේශ වලින් වාර්තා වී තිබෙනවා.
ඊයේ දිනයේදී අදාළ කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 1280 දෙනෙකු සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිඛෙනවා.
එමෙන්ම, ආසාදිත වූ ඇඟළුම් සේවිකාවගේ ආශ්‍රිතයන් 48ක් හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ අතර ඉන් 23 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ ද ඊයේ සිදු කළා.
ඇඟලූම් සේවිකාවගේ කොරෝනා ආසාදිත දියණිය ඉගෙනුම ලැබු පාසලේ 11 වැනි ශ්‍රේණියේ සිසු සිසුවියන් 41 දෙනෙකු, විදුහල්පතිවරයා, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 57 දෙනෙකු ද ඊයේ පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කෙරුණා.
ඉන් සිසුන් 41 දෙනෙකු මීගමුව පෞද්ගලික හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගිය බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.පී. ගුණතිලක මහතා සඳහන් කළා.
මේ අතර පවතින තත්ත්වයත් සමග පී.සී.ආර්. පරික්ෂණ සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අදහස් පළ කළා.
මේ අතර කොඩිව් 19 ආසාදිත බවට ප්‍රථමයෙන් හඳුනාගත් ඇඟලුම් සේවිකාවගේ නිරෝධායනයට ලක්වෙමින් සිටින සැමියා හිරු ප්රවෘත්ති වෙත මෙලෙස අදහස් පළ කළා.
මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවිකාවක් රැඳී සිටි කුලී නිවසක හිමිකාරිණියක් යැයි පැවසෙන කාන්තාවක් අදහස් දක්වන වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කර තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ ඇඟළුම් සේවිකාවට කොවිඩ් 19 ආසාදනය වූ මුලාශ්‍රය මෙතෙක් නිශ්චිතව හඳුනාගැනීමට හැකිවී නැහැ.
එම ඇඟලුම් සේවිකාවගෙන් වෛරසය ආසාදනය වූ ආශ්‍රිතයන් ඇත්දැයි සොයා අදත් ප්‍රදේශ රැසකදී පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළා.
වාරියපොළ කටුපොත ප්‍රදේශයේ කොඩිඩ් 19 ආසාදිත කාන්තාවක් ඊයේ වාර්තා වීමත් සමඟ ඇගේ ආශ්‍රිතයන් 50 දෙනෙකුගේ පමණ ද පී.සී.ආර් පරීක්ෂණ කටුපොත සතිපොළ භූමියේදී අද සිදු කළා.
මේ අතර පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති වේයන්ගොඩ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 52 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති මිනුවන්ගොඩ ප්‍රදේශය පසුකරමින් ගමන් කිරීමට අන්තර් පළාත් බස්රථ සහ මෝටර්රථ වලට අවස්ථාව ලබා තිබුණත් මිනුවන්ගොඩ නගරයට ප්රවිශ්ඨ වීමට අවස්ථාවක් ලබා දී නැහැ.
මේ අතර ගම්පහ සිට වේයන්ගොඩ ඇතුළුව ඒ අතර ඇති සියලුම දුම්රිය ස්ථානවල දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට ද තීරණය කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ රටේ තත්ත්වය පිළිබඳ අසත්‍ය ප්‍රචාර නිර්මාණය කර පතුරුවා හරින පුද්ගලයින්ට එරෙහිව ද දැඩිව නීතීය ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර අද උදෑසන පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් පළ කලා.
මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් කටයුතු කරන ජනතාව දැනුවත් කිරීමට නිලධාරීන් විවිධ ප්‍රදේශවලදී කටයුතු කරන ආකාරය අද මෙලස දක්නට ලැබුණා.
කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ධවල මන්දිරය වෙත පැමිණියා.
කොවිඩ් වසංගතයෙන් මේ වනවිටත් ලොව වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අමෙරිකාවට වන අතර ඊයේ දිනයේදීත් එරටින් වාර්තා වූ ආසාදිතයින් 41,576ක් අලුතින් හඳුනාගැණුනා.
ලොව සුපිරි බලවතා වන අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිද මෙලානියා ට්‍රම්ප් පසුගිය 2 වැනිදා කොවිඩ් 19 ආසාදිත බවට හඳුනාගත්තා.
වොෂිංටන්හි හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජනපති ට්‍රම්ප් රෝහලින් ඊයේ පිටව ගියා.
මේ ජනාධිපතිවරයා සිය නිල හෙලිකොප්ටර් යානයෙන් ධවල මන්දිරය බලා පැමිණි ආකාරයයි.
කෙසේ වෙතත් ධවල මන්දිරයේ සිට ඔහු නිකුත් කළ වීඩියෝවේ ඔහු මුව ආවරණ පැළද සිටිනු දක්නට ලැබුණේ නැහැ.
එම වීඩියෝවෙන් ජනපති ට්‍රම්ප් අමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ කොවිඩ් 19 වෛරසයට කිසිඳු පුද්ගලයෙකු බිය විය යුතු නැති බවයි.
තවමත් ජනපති ට්‍රම්ප් හට පර්යේෂණ මට්ටමේ ඇති ඖෂධ ලබාදෙන බවට ඔහුගේ වෛද්‍යවරු කියා සිටින අතර අධික ස්ථුලතාවයෙන් පෙලෙන ජනපති ට්‍රම්ප් හට ඉදිරි පැය 72 අවදානම් බවද පෙන්වා දෙනවා.
මේ ජනපතිවරයා රෝහලෙන් නික්මීම සම්බන්ධයෙන් අමෙරිකානුවන් ප්‍රීති වූ ආකාරයයි.
ජනපති ට්‍රම්ප්ගේ සමීපතමයන් 12 දෙනෙකුට සහ ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ සේවකයන් කිහිපදෙනෙකුටත් මේ වන විට වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඒ අතර ධවල මන්දිර මාධ්‍ය ලේකම් කයිලි මැක්නාත්ද වන බවයි වාර්තා වුණේ.
කෙසේ වෙතත් ධවල මන්දිරය වෙත පැමිණි ට්‍රම්ප් ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු වලට එක් වී ඇති අතර සිය ප්‍රතිවාදියා වන ජෝ බයිඩ්න්ගේ ක්‍රියා කලාපය හෙලා දකිමින් සිය ෆේස් බුක් ගිණුමෙහි සටහනක්ද තබා තිබෙනවා.
මේ අතර තවමත් ලොව වැඩිම බලපෑමක් පවතින අමෙරිකාවෙන් වාර්තා වන තුළ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 7,676,644ක්.
ඒ ගත වූ පැය 24 තුළ වාර්තා වූ නව ආසාදිතයින් 41,576ක්ද සමඟින්.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ලෝක ප්‍රජාවෙන් දහයෙන් එකකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවයි.
වෛරසය මැඩ පැවැත්වීම සඳහා සාමූහික වශයෙන් ප්රයත්නයක් නොදැරුවහොත් වසංගත තත්ත්වය දරුණු වන බවද ඔවුන් පෙන්වා දෙනවා.
මේ අතර ලොව දෙවනියට වැඩිම බලපෑමක් පවතින අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,682,073ක්.
ඒ නව කොවිඩ් මරණ 886ක් හඳුනාගැනීමත් සමඟයි.