තාජුඩීන්ගේ මරණය ගැන බොරු සාක්ෂි ලබාදෙන්නැයි ශානි අබේසේකර තර්ජනය කළා - පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් හෙළිදරව්වක්
Tuesday, 06 October 2020 - 10:26 | Views - 413
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ලබා දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ප්‍රමුඛ නිලධාරින් තමාට බලපෑම් කළ බව හිටපු පොලිස් පරීක්ෂක සුමිත් චම්මික පෙරේරා ඊයේ ප්‍රකාශ කළා.

ඒ, දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

2012 මැයි මස 17 වැනිදා නාරාහේන්පිට ප්‍රදේශයේදී වසීම් තාජූඩීන් ගමන් කළ මෝටර් රථය අනතුරකට ලක්වී පිළිස්සී මිය යෑම සම්බන්ධයෙන් , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2015 පෙබරවාරි සිට 2016 අප්‍රේල් දක්වා අවස්ථා 15 කට වැඩි සංඛ්‍යාවක් තමාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව හිටපු පොලිස් පරීක්ෂක සුමිත් චම්මික පෙරේරා මහතා ප්‍රකාශ කළා.

ඔහු සදහන් කළේ සී.අයි.ඩී විමර්ශන නිලධාරීන් තමන් අමතා ”‍තාජුඩීන්ගේ මරණයේ පරීක්ෂණ යටගහන්න ගෝඨාභය රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මහතා දුරකථනයෙන් උපදෙස් දුන් බවට සාක්ෂි ලබා දෙන්නැයි තමාට බලපෑම් කළ බවයි .

එක් අවස්ථාවකදී සී.අයි.ඩී යේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර තමාව ඔහුගේ කාර්යාලයට රැගෙන ගොස් ”‍ මල්ලි අපි ඔක්කොම දන්නවා .අපිට අවශ්‍ය දේ කියන්න”‍යනුවෙන් පැවසූ බව සුමිත් චම්මික පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කළා .

ඔහු පැවසුවේ විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය ලෙස සාක්ෂි ලබා දුනහොත් රුපියල් කෝටි දෙකක මුදල් ලබාදී කැනඩාවට පිටත් කර හරින බවත් එසේ නොමැති නම් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කරන බවට සී.අයි.ඩී නිලධාරීන් තමාට පොරොන්දූවූ බවයි.

විමර්ශන නිලධාරීන්ගෙන් එල්ල වූ දැඩි මානසික පීඩා තවදුරටත් ඉවසීමට නොහැකි නිසා සිය ඥාතියෙකු මාර්ගයෙන් ශානි අබේසේකර මහතා හමුවීමට තමා ගිය අවස්ථාවේ ශානි අබේසේකර ගේ මෝටර් රථයට තමාව නග්ගවාගෙන ”‍ උඹ මේක කියපන් .ගොඩ යන්න පුළුවන් ”‍ යනුවෙන් ප්‍රකාශ කළ බව සුමිත් චම්මික පෙරේරා මහතා ප්‍රකාශ කළා .

ඔහු සඳහන් කළේ අසත්‍ය සාක්ෂි ලබා දීමට නොහැකි බව තමා දිගින් දිගටම සීඅයිඩී විමර්ශන නිලධාරින්ට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම යන චෝදනාව යටතේ තමාව 2016.04.20 දින තමාව අත් අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් තමාව රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් තමාට එරෙහිව සාක්ෂි නොමැති වීම නිසා නීතිපතිවරයාගේ උපදෙස් මත 2019 අප්‍රේල් මාසයේදී තමාව නිදහස් කළ බවත් ඒ වන විට තමාගේ වැඩ තහනම් කර තිබීම නිසා යලි සේවය පිහිටුවන්නැයි පොලිස් කොමිසමට අභියාචනාවක් ඉදිරිපත් කළ බවත් සුමිත් චම්මික පෙරේරා මහතා ප්‍රකාශ කළා .

මේ පිළිබඳව සාකච්ඡා කිරිමට තමා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හමුවූ අවස්ථාවේදී ඔහු තමන් අමතා ”‍ සුමිත් ඔයා අපි කියපු දේ කළේ නැහැ .ඒ නිසා මට ඔයාට ආයෙත් ජොබ් එක දෙන්න බැහැ”‍ යනුවෙන් ප්‍රකාශ කළ බව හිටපු පොලිස් පරීක්ෂක සුමිත් චම්මික පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා .

එහිදී කරුණු සලකා බැලූ කොමිසමේ සභාපති විශ්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න විසින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරුන් වන ශානි අබේසේකර මෙන්ම නාගහමුල්ල යන අයට ලබන 14 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top