කොරෝනා නිසා ඇමරිකාවේ ප්‍රාන්ත 21ක්ම අවදානමේ - කොරෝනා වැළඳුණු ලෝක බලවතාගේ දැන් තත්ත්වය මෙන්න
Tuesday, 06 October 2020 - 9:45 | Views - 354
නැවතත් වේගයෙන් වර්ධනය වන කොවිඩ් වසංගතය මැඬලීම පිණිස ඉදිරියේදී නව සෞඛ්‍යාරක්ෂණ නියාමනයන් පැනවීමට රජය පියවර ගනිමින් සිටින බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පරාන්සා ඉරිදා ප්‍රකාශ කළේය.
 
ළඟ එන ශීත ඍතුව බි්‍රතාන්‍යයට බියකරු වනු ඇතැයි එරට අගමැති බොරිස් ජොන්සන් අනතුරු ඇඟවීමක් කර තිබේ. නමුත් දැනට පර්යේෂණ මට්ටමේ පවතින කොවිඩ් එන්නත් අතරින් එකක් හෝ දෙසැම්බරය වනවිට සාර්ථක ප්‍රතිඵල අත් කර දෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කර ඇත.

ස්පාඤ්ඤය තුළ පසුගිය දෙසතිය තුළ ආසාදිතයන් සංඛ්‍යාවේ වර්ධනය ජනගහනයෙන් 100,000කට 319ක් තරම් ඉහළ අනුපාතයක් දක්වා නැඟ තිබේ. කොවිඩ් වයිරසයේ මෙතරම් අධික ව්‍යාප්තියක් පෙන්නුම් කරන මුත්, බලධාරීන් අතර පවතින කඹ ඇදීම් නිසා වසංගතය මර්දනය කිරීම දුෂ්කර වී ඇතැයි එරට ජනතාව අතර මතයක් පවතින බව ABC පුවත්පත විසින් සිදු කරන ලද ජනමත සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇත.
 
මෙම සමීක්ෂණයට සහභාගි වූ ජනතාව අතරින් 52%ක්, තමන් සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත්වලට එතරම් අනුගත නොවූ බව පිළිගෙන ඇත. යුරෝපීය රටවල් අතරින් කොවිඩ් වයිරසයේ වැඩිම ව්‍යාප්තිය පෙන්නුම් කරන්නේ ස්පාඤ්ඤයයි. චෙච්නියාව දෙවැනි තැනද, ප්‍රංශය තෙවැනි තැනද පසු වෙයි.
 
පැරිසිය තුළ සහ ආශ්‍රිත කලාපයේ කොවිඩ් වසංගතය පැතිරීම අවම කිරීම පිණිස අනතුරු ඇඟවීමේ ක්‍රියාමාර්ග උපරිම වශයෙන් තර කිරීමට එනුවර බලධාරීහු ඉරුදින තීරණය කළහ. වසංගත වර්ධනය අඩු නොවුවහොත් එහි තැබෑරුම් සහ අවන්හල් සම්පූර්ණයෙන් වසා දැමීමට පවා සිදු වනු ඇතැයි සෞඛ්‍ය ඇමැති ඔලීවියර් වෙරන් ඊයේ ප්‍රකාශ කළේය.
 
මේ අතර දකුණු ජර්මනියේ දහස් ගණන් ජනයා කොවිඩ් මර්දනය වෙනුවෙන් පනවනු ලැබ ඇති මුඛ ආවරණ පැලඳීමේ නියමය කෙරෙහි විරෝධය පළ කරමින් සති අන්තයේ වීදි බැස උද්ඝෝෂණය කර තිබේ.
 
විරෝධතාකරුවන් විසින් ඔක්තෝබර් 4 වැනිදා කොන්ස්ටන්ස් විල වටා මිනිස් දම්වැලක් සංවිධානය කිරීමට කටයුතු කළත් ඒ සඳහා බලාපොරොත්තු වූ තරමට ජනතාව සහභාගි නොවූ බව වාර්තා විය.
 
නෙදර්ලන්තයෙන් දෛනිකව හමු වන ආසාදිතයන් සංඛ්‍යාව 4,000 ඉක්මවා වැඩි වී ඇත. මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇත්තේ වසංගතය ආරම්භ වීමෙන් පසු පළමු වරටයි. ඉරිදා දිනයේ එරටින් වාර්තා වූ නව ආසාදිතයන් ගණන 4,007කි.
 
ඉරිදා දක්වා ගත වූ පැය 24 තුළ පෝලන්තයේ කොවිඩ් ආසාදිතයන් 26 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර, නව ආසාදිතයන් 1,934ක් වාර්තා වී තිබිණි. මේ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂය සහ මරණ සංඛ්‍යාව 2,630 ඉක්මවා ගියේය.
 
පසුගිය මාසය මැද සිට අයිස්ලන්තයේ කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් දක්නට ඇති හෙයින් නැවතත් සෞඛ්‍යාරක්ෂණ නියමයන් තර කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇත.
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 21ක කොවිඩ් වසංගතය උග්‍ර අතට හැරෙමින් ඇති අතර ටෙක්සාස්, දකුණු කැරොලිනා සහ මිසෝරි ප්‍රාන්තවල පැවැති උග්‍ර තත්ත්වයේ මඳ අඩු වීමක් දක්නට ලැබේ.
 
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට කොවිඩ් ආසාදනය වීමෙන් පසු ධවල මන්දිරයේ කාර්ය මණ්ඩලය සහ රිපබ්ලිකන් ප්‍රධානීන් සෞඛ්‍ය පරීක්ෂණයන්ට බඳුන් කර ඇති අතර, ඔවුන් අතරින් කිහිප දෙනකුට රෝගය වැලඳී ඇතැයි වාර්තා විය. ට්‍රම්ප්ගේ පෞද්ගලික උපස්ථායකයා ලෙස කටයුතු කළ නික් ලූනාද ආසාදිතයන් අතර වෙයි.
 
රෝහල්ගත කරනු ලැබීමෙන් පසු තෙවැනි දිනයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෙණහලුවල තත්ත්වය පිරික්සූ වෛද්‍යවරුන්, ඔහු හට Remdesivir ඔෟෂධයෙන් අධි මාත්‍රාවක් ලබාදීමට නිර්දේශ කර ඇත.
 
ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහල්ගත කිරීමෙන් පසු ඔහුගේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් මුව ආවරණ පැලඳීම සිය ප්‍රචාරණ රංගනයේ කොටසක් බවට පත් කරගෙන ඇතැයි, ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ උපදේශකයකු පවසා තිබේ.
 
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ විසින් ඉන්දු-ශාන්තිකර කලාපීය රටවල නිරත වීමට අදහස් කරන චාරිකා කාලය කෙටි කර ඇතැයි රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. කෙසේ වෙතත් ඔහු සහ ඔහුගේ බිරිය ආසාදනය වී නැතැයි තහවුරු වී තිබේ. ජපානය, මොංගෝලියාව සහ දකුණු කොරියාව ඔහුගේ සංචාරයට ඇතුළත් රටවල් විය.
 
චීනයේ Shanghai Henlius Biotech Inc. ඔෟෂධ සමාගම විසින් නිෂ්පාදනය කරන ලද කොවිඩ් ඔෟෂධය සායනික පරීක්ෂණ සඳහා යොදාගැනීමට අනුමැතිය හිමි වී ඇත.
 
ගිනිකොනදිග ආසියානු රටවල් අතරින් වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ ඉන්දුනීසියාවෙනි. දෙවැන්න පිලිපීනයෙනි. තුන්වැනි රට බවට මියන්මාරය පත්ව ඇත. ඉරිදා දිනයේ පිලිපීනයෙන් නව ආසාදිතයන් 3,190ක් හමු විය. ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් ගණන 3,22,497 දක්වා ඉහළ ගියේය. මැලේසියාවේ එදින හමු වූ නව ආසාදිතයන් ගණන 293කි. ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 12,381ක් විය. මියගොස් ඇති පිරිස 137කි. මියන්මාරයේ 41 දෙනකු කොවිඩ් ආසාදනය නිසා ඉරුදින මරණයට පත් වී ඇති අතර, එරට සමස්ත මරණ සංඛ්‍යාව 412 දක්වා ඉහළ ගොස් තිබේ.
 
ඉරිදා දිනයේ ඉරානයෙන් කොවිඩ් මරණ 211ක් වාර්තා වූ අතර ඊට පෙර දින එම ගණන 179ක් විය. ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 26,957 දක්වා ඉහළ නැංගේය. ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල සංඛ්‍යාලේඛනවලට අනුව එරටින් වාර්තා වී ඇති මුළු ආසාදිතයන් ගණන 4,71,772කි.
 
ඉන්දියාවෙන් සෙනසුරාදා දිනයේ නව ආසාදිතයන් 75,829ක් වාර්තා වී තිබිණි. මරණ සංඛ්‍යාව 101,780 ඉක්මවා ගොස් ඇත.
 
රුසියාවෙන් පැය 24ක් තුළ නව ආසාදිතයන් 10,499ක් වාර්තා විය. එරට සමස්ත ආසාදිතයන් ගණන 12,15,000ක් පමණ වේ.
 
සිංගප්පූරුවෙන් ඉරිදා දිනය තුළ නව ආසාදිතයන් 12ක් වාර්තා විය. ඉන් අඩක් විදෙස්වලින් පැමිණ අයයි.

Elephants in the room | Inside StoryUS coronavirus death toll reaches 21 | US & Canada | Al JazeeraSecond case of coronavirus confirmed in the US - The VergeCoronavirus: US hands over ventilators to Ethiopia
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top