ලෝකේ 10 න් එකකට කොරෝනා
Tuesday, 06 October 2020 - 9:27 | Views - 166
ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එහි හදිසි සේවා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් ජිනිවා නුවර දී ඊයේ ප්‍රකාශ කළේ මේ නිසා ලොව විශාල ජන කොටසක් තවදුරටත් ගෝලීය වසංගතයේ අවදානමට මුහුණ දී සිටින බවයි.
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට නිළ වශයෙන් සටහන් වන්නේ තුන් කෝටි 56 ලක්ෂ 95,000ක් ලෙසයි.
එමෙන්ම, කොරෝනා මරණ දස ලක්ෂ 45,000කට වැඩි සංඛ්‍යාවක් ද මේ වන විට වාර්තා වී තිබෙනවා.
එහෙත් වෛද්‍ය මයික් රයන් පවසන පරිදි කොරෝනා ආසාදනය වූ ලෝකවාසීන්ගේ සැබෑ සංඛ්‍යාව මිලියන 800ක් පමණ විය හැකියි.
එය ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට ආසන්න ප්‍රමාණයක්.
Share This Article