කොරෝනා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පළ කළ අයෙක් අත්අඩංගුවට
Tuesday, 06 October 2020 - 8:43 | Views - 170
කොරෝනා වෛරසය හා ඒ සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු වැල්ලවත්තේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔහු සම්බන්ධයෙන් කළුබෝවිල රෝහල විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි.
මේ අතර, අද උදෑසන හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මෙලෙස අසත්‍ය තොරතුරු පළ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
Share This Article