රිෂාඩ්ගේ සොයුරා නැවත අත්අඩංගුවට ගන්න - පොලිසියට, ආණ්ඩුවට බලපෑම් (වීඩියෝ)
Monday, 05 October 2020 - 21:03 | Views - 2,333
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් මුදා හැරීම  සම්බන්ධයෙන් සිවිල් සංවිධාන කිහිපයක් අද ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිලි කළා.

ඒ රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට එරෙහිවයි.   

පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයින් සමඟ සබඳතා පැවැත්වු බවට සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ මාස 5කට ආසන්න කාලයක් රඳවා ගෙන සිටි රියාජ් බදියුදීන් පසුගියදා මුදා හැර තිබුණා.

ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට එරෙහිව මහජන යුතුකම් කේන්ද්‍රය, නව සිංහලේ ජාතික සංවිධානය, සිංහලේ සංවිධානය සහ සිංහලේ ජාතික සංවිධානය , ජාතික පොලිස් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළා.

ඒ ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන්නැයි ඉල්ලමින්.  

මේ අතර පසුගියදා වව්නියාව ප්‍රදේශයේ පැවති උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් පිළිබඳව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද සමාජයේ කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා ද කරුණු  පැහැදිලි කළා.

මේ අතර රියාද් බදියුදීන්  මුදා හැරීම සම්බන්ධයෙන් අදත් පුජ්‍ය පක්ෂය සහ දේශපාලනඥයින්ද අදහස් පළ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top