මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් 5කට කොරෝනා - මුළු සංඛ්‍යාව 80 දක්වා ඉහළට (වීඩියෝ)
Monday, 05 October 2020 - 20:56 | Views - 1,286
 
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් 19 ආසාදිත තවත් සේවකන් පස් දෙනෙකු වාර්තා වීමත් සමඟ ඒ හා සම්බන්ධ පොකුර මේ වන විට 80 දක්වා වර්ධනය වී තිබෙනවා.

ඊයේ සිදුකල පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිඵල අද පෙරවරුවේ ප්‍රකාශයට පත්කළ අතර, එහිදී කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 69 දෙනෙකුට වෛරසය වැළදී ඇති බවට තහවුරු වුණා.

එමෙන්ම, අද පස්වරුවේ කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කර්මාන්ත ශාලාවේ සේවිකාවන් දෙදෙනෙකුට, මොණරාගල සහ යාපනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට වෛරසය වැළදී ඇති බවටයි තහවුරු වුණේ.

ගම්පහ - දිවුලපිටිය - බෝමුගම්මන ප්‍රදේශයේ 39 හැවිරිදි ඇඟලු‍ම් කර්මාන්ත ශාලා සේවිකාවට කොවිඩ් 19 ආසාදිත බවට හඳුනා ගැණුනේ පෙරේදා දිනයේදීයි.

ඇය එදින රාත්‍රියේම ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කළ අතර පියා, සැමියා සහ දරුවන් සිව් දෙනා ගාල්ල - හබරාදූව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබුවා.

එහිදී කළ පළමු පී.සී.ආර්. පරීක්ෂණවලින් 16 හැවිරිදි දියණියට කොවිඞ් ආසාදිත බවට ඊයේ තහවුරු වූ අතර, සෙසු සාමාජිකයන් 5 දෙනාට වෛරසය ආසාදනය වී නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව වෛරසය ආසාදනය වූ දැරියද ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කර පවුලේ සෙසු සාමාජිකයන් 5 දෙනා තවදුරටත් හබරාදූව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටිනවා.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කොවිඩ් ආසාදිත මව සහ දියණියගේ තත්ත්වය බරපතළ නොවන බවයි.

වෛරසය ආසාදනය වූ ඇඟලු‍ම් සේවිකාව සේවය කරන මිනුවන්ගොඩ පෞද්ගලික කර්මාන්ත ශාලාවේ සමීප ආශ්‍රිතයන් 100 දෙනෙකුගේ පමණ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ සිදුකළ අතර ඉන් 69 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට අද පෙරවරුවේ තහවුරු වුණා.

එමෙන්ම කොරෝනා ආසාදිත බවට අද තහවුරු  වු 41 හැවිරිදි මොනරාගල මැදගම පදිංචි කාන්තාව කොරොනා අසාදිත බවට හදුනා ගැනුනේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නියුතුව සිටියදි නිවාඩු ලබා සිය නිවසට ගොස් සිටියදීයි.

අදාල කාන්තාව මැදගම පිහිටි රජයේ බැංකුවකට, සති පොල වෙත මෙන්ම මගී ප්‍රවාහන බස් වලින් ගමන් කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ප්‍රතිකාර සදහා මොණරාගල ජාතික රෝහලට ඇතුළත් කල ඇය වැඩිදුර ප්‍රතිකාර සදහා අයි.ඩි.එච් රෝහල වෙත මේ වන විට මාරු කර එවා තිබෙනවා.

කුරුණෑගල මහ රෝහලෙන්ද කොරෝනා ආසාදනය වී ඇති බවට අද වාර්තා වූ ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් දෙදෙනා එක් අයෙකු 48 හැවිරිදි කටුපොත - අලහිටියාව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

39 හැවිරිදි අනෙක් කාන්තාව කුලියාපිටිය නාරම්මල පාර නක්කාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවට හෙළි  වි තිබෙනවා. ඔවුන් දෙදෙනා ද වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහල වෙත මාරු කෙරුණා.

මේ අතර අද  පෙරවරුවේ සිට දහවල් දක්වා අදාළ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 1280 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා.

ඒ, ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ සැදුම්ලත් කණ්ඩායම් 20ක් මගින්.

මේ අතර ඇඟළුම් සේවිකාවගේ ආශ්‍රිතයන් 48ක් හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ අතර ඉන් 23 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ අද සිදුකෙරුණා.

ඇඟලු‍ම් සේවිකාවගේ කොරෝනා ආසාදිත දියණිය ඉගෙනුම ලැබු පාසලේ 11 වැනි ශ්‍රේණියේ සිසු සිසුවියන් 41 දෙනෙකු, විදුහලේ විදුහල්පතිවරයා, ගුරුවරු සහ අන්‍යධ්‍යන කාර්ය මණ්ඩලයේ 57ක් අද පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කර යොමු කෙරුණා.

ඉන් සිසුන් 41 දෙනා නිරෝධායනය සඳහා මීගමුව පෞද්ගලික හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගිය බවයි ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.පී. ගුණතිලක කියා සිටියේ.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ අද දිනයේ කොරෝනා අසාදිත ඇගලුම් සේවිකාවගේ දියණියගේ ආශ්‍රිතයන් වන පාසල් සිසු සිසුවියන් ඇතුළු 2000කට ආසන්න පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකල බවයි.

මීට අමතරව මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 500කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, තවමත්  දිවුළපිටියේ ඇඟළුම් සේවිකාවට කොවිඩ්19 ආසාදනය වූ මුලාශ්‍රය මෙතෙක් නිශ්චිතව හඳුනාගැනීමට හැකිව නැහැ.

මේ අතර කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණු අතර එහිදී මිනුවන්ගොඩ රෝහල සහ ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ්19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනීමට තීරණය කර තිබෙනවා.  

කොවිඩ්  ආසාදිත බවට සැක සහිත රෝගීන් ඇතුළත් කර පරීක්ෂා කිරීමට යොදාගැනීමට තීරණය කර ඇත්තේ ගම්පහ මහ රෝහලයි.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලාවල කාර්ය මණ්ඩල පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

කෙසේ වෙතත්, අද(05) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ රෝගීන් හදුනා ගැනීමට සිදුකෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව ඉහල නැංවිය යුතු බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top