පාඨලීගේ රියදුරු කොළඹ මහාධිකරණයට භාරවෙයි
Monday, 05 October 2020 - 10:52 | Views - 177
වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු දිලුම් තුසිත කුමාර අද මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට භාරවී තිබෙනවා.
රාජගිරියේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවූ අතර, මොහු පසුගිය මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
ඒ අනුවයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරනු ලැබුවේ.
Share This Article