හිටපු ජනාධිපති මෛත්රි පාස්කු ජනපති කොමිසමට පැමිණේ
Monday, 05 October 2020 - 10:38 | Views - 430
පාස්කු ප්රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනපති කොමිසමේ හමුවේ සාක්ෂි ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන පැමිණ තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ පෙරවරු 09.40 ට පමණ හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවට පැමිණි බවයි.
කොමිසම සිදුකළ දැනුම්දීමකට අනුව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මෙලෙස සාක්ෂි ලබාදීම සඳහා පැමිණ ඇති අතර, හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ හෙට කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි.
Share This Article