විභාග කල් දැමීමක් ගැන තවම තීරණයක් නැහැ - කොමසාරිස් කියයි
Monday, 05 October 2020 - 8:17 | Views - 174
බාහිර සමාජයෙන් යලි කොවිඩ් ආසාදිතයන් හමුවීමත් සමඟ එළඹෙන 12 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ එළඹෙන 11 වනදා පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල් දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කළා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ එම විභාග දෙකම මේ මස දක්වා මීට පෙර කල් දැමුණා.

උද්ගත වූ අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් විභාග සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

විභාග කොමසාරිස්වරයා තවදුරටත් කියා සිටියේ නිරෝධායන හේතු මත දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණීම සීමා කර ඇති බවයි. නැවත දැනුම් දෙන තුරු දෙපාර්තමේන්තුවේ එක් දින හා සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා තැබෙන බව ද ඔහු කියා සිටියා.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ මානව ශාස්ත්‍ර පීඨයේ අවසන් වසර විභාග නැවත දැනුම්දෙනතුරු කල් දමා ඇති බව එහි උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ ප්‍රකාශ කළා.

එමෙන්ම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අද ආරම්භවීමට නියමිතව තිබූ ශාස්ත්‍රවේදී බාහිර උපාධි තුන්වන වසරේ පරීක්ෂණ ද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි එම විශ්වවිද්‍යාලය නිවේදනය කළේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top