කොවිඩ් 19 ආසාදිත කාන්තාව සේවය කළ ඇඟළුම් කම්හල අයත් සමාගමෙන් නිවේදනයක්
Sunday, 04 October 2020 - 13:25 | Views - 7,604
කොවිඩ් 19 ආසාදිත කාන්තාවක හමුවූ මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල අයත්වන බ්‍රැන්ඩික්ස් සමූහය ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමඟින් සඳහන් කළේ සිය ආයතනයේ දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර තිබූ අතර, කඩිනම් ප්‍රතිචාර දැක්වීම මගින් මෙම කොවිඩ් ආසාදිත කාන්තාව කළින්ම හඳුනාගැනීමට හැකිවූ බවයි.

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ අදාළ සෞඛ්‍ය බලධාරින් වෙතින් ඉමහත් සහයක් හිමිවී තිබෙනවා.

ඒ අනුව අදාළ ආසාදිත කාන්තාව ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහල වෙත වහා මාරුකර යැවීමට පියවර ගැනීම තුළින් වෛරසය තවදුරටත් පැතිරීමේ අවදානම අවම කරගැනීමට හැකිවූ බවයි බ්‍රැන්ඩික්ස් ආයතනය සඳහන් කළේ.

අදාළ ක්‍රියාවලිය පුරාම බලධාරීන්ට උපරිම සහය දැක්වීමටත් ඔවුන්ගේ උපදෙස් පැතීමටත් කටයුතු කෙරෙනවා.

වෛරසය පැතිරීම වළක්වාලීම මුළුමනින්ම සහතික කරලීම සඳහා වහා සියලු පියවර ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

ආසාදිත කාන්තාව සේවය කළ කම්හල් පරිශ්‍රය දැඩි විෂබීජානුහරණයට ලක් කිරිමද ඊට ඇතුළත්.

එම කාන්තාව සමඟ සමීපව සම්බන්ධ වූ සේවා ස්ථානයේ තවත් සේවකයන් 40 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වහා ස්වයං නිරෝධායනයට ලක් කෙරෙන අතර, ඉදිරියේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට පියවර ගැනෙනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් ඇතුලු සියලු අංශවලින් ලැබෙන සහයට කෘතඥ වන අතර, සේවකයන්ගේ සහ ඔවුන්ගේ ප්‍රජාවන්හි සුරක්ෂිතතාව උපරිම අන්දමින් පත්වාගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන බවයි බ්‍රැන්ඩික්ස් ආයතනය සිය නිවේදනය මගින් අවධාරණය කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top