ප්‍රංශයේ ශ්‍රී ලාංකික පවුලක පස්දෙනෙක් පිහි ඇනුමකින් මියයයි
Sunday, 04 October 2020 - 13:19 | Views - 2,015
ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පවුලක ළමයින් හතරදෙනෙකු ඇතුලු පස්දෙනෙකු තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ප්‍රහාරය එල්ල කළ එම ළමයින්ගේ මාමා වන පුද්ගලයාද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අයෙකු බවයි නිව්ස්වීක් වෙබ් අඩවිය සඳහන් කළේ.

පැරිස් නුවරදී ඊයේ උදෑසන වාර්තාවූ මෙම සිද්ධියේදී එම පවුලේ තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

සිද්ධිය පිළිබඳව පොලීසිය දැනුවත් වී ඇත්තේ තුවාල ලැබූ එක් ළමයෙකු අසළ වූ අවන්හලකට ගොස් ආධාර ඉල්ලා සිටීමත් සමගයි.

තම මාමා විසින් වියරුවෙන් මෙන් පවුලේ අනෙකුත් සාමාජිකයන්ට පිහියකින් සහ මිටියකින් පහරදුන් බවයි එම ළමයා දැනුම්දී ඇත්තේ.

තුවාල ලැබූ තුන්දෙනෙකු බරපතල තත්ත්වයේ සිටින අතර, ප්‍රහාරය එල්ල කළ තැනැත්තාද විසඥ වී බිම ඇද වැටී සිටි අතර, ඔහු අසළ පිහියක් සහ මිටියක් තිබූ බව ප්‍රංශ පොලීසිය සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top