ප්රංශයේ ශ්රී ලාංකික පවුලක පස්දෙනෙක් පිහි ඇනුමකින් මියයයි
Sunday, 04 October 2020 - 13:17 | Views - 181
ප්රංශයේ ජීවත්වන ශ්රී ලාංකික සම්භවයක් සහිත පවුලක ළමයින් හතරදෙනෙකු ඇතුලු පස්දෙනෙකු තියුණු ආයුධ ප්රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ප්රහාරය එල්ල කළ එම ළමයින්ගේ මාමා වන පුද්ගලයාද ශ්රී ලාංකික සම්භවයක් සහිත අයෙකු බවයි නිව්ස්වීක් වෙබ් අඩවිය සඳහන් කළේ.
පැරිස් නුවරදී ඊයේ උදෑසන වාර්තාවූ මෙම සිද්ධියේදී එම පවුලේ තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
සිද්ධිය පිළිබඳව පොලීසිය දැනුවත් වී ඇත්තේ තුවාල ලැබූ එක් ළමයෙකු අසළ වූ අවන්හලකට ගොස් ආධාර ඉල්ලා සිටීමත් සමගයි.
තම මාමා විසින් වියරුවෙන් මෙන් පවුලේ අනෙකුත් සාමාජිකයන්ට පිහියකින් සහ මිටියකින් පහරදුන් බවයි එම ළමයා දැනුම්දී ඇත්තේ.
තුවාල ලැබූ තුන්දෙනෙකු බරපතල තත්ත්වයේ සිටින අතර, ප්රහාරය එල්ල කළ තැනැත්තාද විසඥ වී බිම ඇද වැටී සිටි අතර, ඔහු අසළ පිහියක් සහ මිටියක් තිබූ බව ප්රංශ පොලීසිය සඳහන් කළා.
Share This Article