දිවයිනේ සියලු පාසල් සඳහා දෙවන වාර නිවාඩුව හෙට ඇරඹෙයි
Sunday, 04 October 2020 - 13:08 | Views - 1,986
ලබන 09 වනදා ආරම්භ වීමට නියමිත ව තිබු දෙවන පාසල් වාර නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අනුව දිවයිනේ සියලුම රජයේ පාසල් සඳහා දෙවන වාර නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක වනු ඇති.

දිවයිනේ සියලුම කතෝලික පාසල්ද අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයට අනුව හෙට සිට දෙවන වාර නිවාඩුව ආරම්භ කරන බව එම පාසල් සංසදය නිවේදනය කළා.

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති සහ පිරිවෙන් ද අද  සිට සතියක කාලයක් වසා තැබීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේ.

මේ අතර ගම්පහ - දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ, උණ රෝගී තත්ත්වයකට ගම්පහ රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි.

ඒ අනුව දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලට ඇතුලුවීම සහ පිටවීම සඳහාද දැඩි සංචරණ සීමා පනවනු ලැබුවා.

මේ අතර ලබන 09 වනදා ක්‍රියාත්මක වීමට නියමිත ව තිබු දෙවන පාසල් වාර නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අනුව දිවයිනේ සියලුම රජයේ පාසල් සඳහා නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක වනු ඇති.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර නිවේදනය කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති සහ පිරිවෙන් අද  සිට සතියක කාලයක් වසා තැබීමට තීරණය කළ බවයි.

පසුගිය සැප්තැම්බර් මස 30 වනදා ගම්පහ රෝහලට දිවුලපිටියේ පදිංචි 39 හැවිරිදි මෙම කාන්තාව ඇතුළත් කර ඇත්තේ උණ රෝගී තත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමටයි.

දින කිහිපයකට පසු අදාළ කාන්තාව සුවය ලබා තිබීම හේතුවෙන් රෝහලෙන් පිටත් කර තිබෙනවා.

රට තුළ පවතින නිරෝධායන නීතිරීතින්වලට අදාළව සෑම රෝහලකම රෝගීන්ගේ කොවිඩ් 19 පර්යේෂණ නියැදි ලබාගන්නා අතර, ඒ අනුවයි සැකසහිත රෝග ලක්ෂණ පෙන්නුම් නොකළද මෙම කාන්තාව, පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇත්තේ.

එහිදී අදාළ කාන්තාවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වී තිබෙනවා.

මෙම තහවුරුවීමත් සමග ගම්පහ රෝහල තුළදී ඇයට ප්‍රතිකාර කළ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු වහාම ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සමන් පතිරණ ප්‍රකාශ කළේ රෝහල වසා දැමීමේ තීන්දුවක් මේ වනතුරුත් ගෙන නොමැති බවයි.

සේවිකාවකට කොරෝනා ආසාදනය වූ බවට අනාවරණ වීමත් සමඟ ඇය සේවය කළ බ්‍රැන්ඩික්ස් සමූහයට අයත් අදාළ ඇඟලුම් කම්හලේ සේවකයන් 40 දෙනෙකුද ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

එමෙන්ම බ්‍රැන්ඩික්ස් සමූහය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සිය ආයතනයේ දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර තිබූ අතර, කඩිනම් ප්‍රතිචාර දැක්වීම මගින් මෙම කොවිඩ් ආසාදිත කාන්තාව කළින්ම හඳුනාගැනීමට හැකිවූ බවයි.

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ අදාළ සෞඛ්‍ය බලධාරින් වෙතින් ඉමහත් සහයක් හිමිවී තිබෙනවා.

ඒ අනුව අදාළ ආසාදිත කාන්තාව ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහල වෙත වහා මාරුකර යැවීමට පියවර ගැනීම තුළින් වෛරසය තවදුරටත් පැතිරීමේ අවදානම අවම කරගැනීමට හැකිවූ බවයි බ්‍රැන්ඩික්ස් ආයතනය සඳහන් කළේ.

අදාළ ක්‍රියාවලිය පුරාම බලධාරීන්ට උපරිම සහය දැක්වීමටත් ඔවුන්ගේ උපදෙස් පැතීමටත් කටයුතු කෙරෙනවා.

වෛරසය පැතිරීම වළක්වාලීම මුළුමනින්ම සහතික කරලීම සඳහා වහා සියලු පියවර ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

ආසාදිත කාන්තාව සේවය කළ කම්හල් පරිශ්‍රය දැඩි විෂබීජානුහරණයට ලක් කිරිමද ඊට ඇතුළත්.

එම කාන්තාව සමඟ සමීපව සම්බන්ධ වූ සේවා ස්ථානයේ තවත් සේවකයන් 40 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වහා ස්වයං නිරෝධායනයට ලක් කෙරෙන අතර, ඉදිරියේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට පියවර ගැනෙනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් ඇතුලු සියලු අංශවලින් ලැබෙන සහයට කෘතඥ වන අතර, සේවකයන්ගේ සහ ඔවුන්ගේ ප්‍රජාවන්හි සුරක්ෂිතතාව උපරිම අන්දමින් පත්වාගැනීම සඳහා ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන බවයි බ්‍රැන්ඩික්ස් ආයතනය සිය නිවේදනය මගින් අවධාරණය කළේ.

මේ අතර හමුදා බුද්ධි අංශ සහ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව මෙම ඇඟළුම් කම්හල් සේවිකාවට කොරෝනා ආසාදනය වූ මූලාශ්‍රය සොයාගැනීම සඳහා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ සමාජයෙන් රෝගියෙකු හමුවීමත් සමඟ කොරෝනා වැළැක්වීමට නිර්දේශිත සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් දැඩිව  ජනතාව සිහිතබා ගත යුතුව ඇති බවයි.

මෙම සිද්ධියත් සමඟ තවත් තෝරාගත් සියදෙනෙකුට වැඩි දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට බලාපොරොත්තු වන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top