කොරෝනා රෝගීන් 9 ක් සුවය ලබයි
Saturday, 03 October 2020 - 13:41 | Views - 621
කොරෝනා ආසාදිත තවත් 9 දෙනෙකු අද(03) දිනයේත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ මුළු සංඛ්‍යාව 3,254 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. කොරෝනා ආසාදිත 121 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
මේ අතර නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් පුද්ගලයන් 524 දෙනෙකු අද(03) නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් නිරෝධායන කාලසීමාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව යළි පී.සී.ආර්. පරික්ෂාවන්ට භාජනය කර එලෙස නිවෙස් වෙත පිටත් කර යැවූ බවයි.

ඒ අනුව අද දිනය වනවිට පුද්ගලයන් 47,542 කු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති අතර, මේ වනවිට තවත් පුද්ගලයන් 7,037 දෙනෙකු මධ්‍යස්ථාන 79 ක් තුළ නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා.

ඊයේ දිනයේත් නව කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3388 දක්වා ඉහළ ගියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top